කුරුණෑගල, යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයා වන විරාජ් කුමාරසිංහට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කර ඇති බව එම කොමිසම පවසනවා.


මෙම සිද්ධියේ තවත් හමුදා සාමාජිකයකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු ද නිරීක්ෂණ වන බවත් ඔහු ද හදුනාගෙන ඔහුට විරුද්ධව ද ක්‍රියා කරන ලෙසට කොමිසම දැනුම් දී තිබෙනවා. මෙම නිර්දේශ සැත්තැම්බර් මස 16 දිනට පෙර ක්‍රියාක්මක කර දැනුම් දෙන ලෙසට කොමිසමේ සභාපතිනි, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ විසින් දැනුම් දෙනවා.


මෙලෙස චෝදනා එල්ල වූ ලුතිනන් කර්නල්වරයා වන විරාජ් කුමාරසිංහ ජාතික ආරක්ෂක බලමුළුවේ වාරියපොළ කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළා. මෙම සිද්ධියේදී පහර කෑමට ලක්ව ඇත්තේ ප්‍රදීප් අත්තනායක නමැති පුද්ගලයෙකි. අදාළ ඉන්ධන පිරවුම් හලේ දී ජුලි මස 03 දින යුද හමුදා නිලධාරියකු  සාමාන්‍ය වැසියෙක් වෙත පා පහරක් එල්ල කරන අන්දම විද්‍යුත් හා සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මාවන හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.


මෙම ඉන්ධන පිරවුම් හලට තෙල් ලැබීමෙන් පසු තෙල් බෙදා හැරීමේ කටයුතු සිදුකර ඇති අතර, පිරිස පාලනය කිරීම හා නිසි අයුරින් තෙල් බෙදා හැරීම සිදුවේ ද යන්න සොයා බැලීම සදහා යුද හමුදාවේ සහ පොලිස් නිලධාරීන් කැදවා තිබෙනු එම ප්‍රවෘත්ති වල වාර්තා කර තිබු බවත්, එම අවස්ථාවේ දී හමුදා නිලධාරීන් දෙදෙනකු සාමාන්‍ය වැසියකු අල්ලාගෙන යුද හමුදා ලුතිනන් කර්නල්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බවට එම ප්‍රවෘත්ති වල පල වු බවයි මානව හිමිකම් කොමිසම සඳහන් කරන්නේ.


#HumanRightsCommision #SriLanka #Kurunegala #Protest #Political #SLArmy


For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog