පාන් පිටි මිල ඉහළ දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාරවල මිල ගණන් ද ඉහළ දමා තිබේ.
ආපනශාලා හිමියන් විසින් ම සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව කොත්තුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.
එසේ ම පරාටා, බිත්තර රොටී, එළවළු රොටී සහ රෝල්ස් ඇතුලු කෙටි කෑම වර්ගවල මිල ද රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහළ දමා තිබේ.
වෙළඳපොලේ පවතින දැඩි තිරිඟු පිටි හිඟය හේතුවෙන් තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ත් 400ත් අතර මිලකට මිල දී ගැනීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
#Kottu #SriLanka #Food #Price #Increase
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment