ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකමුතුව විසින් ගොඩනගන නව සන්ධානය එළිදැක්වීමේ සමාරම්භක උළෙල මහරගම ජාතික තරුණ සේවා සභාවේදී  පැවැත්වෙනවා.


එය ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන” උත්තර ලංකා සභාගය” ලෙසයි ඔවුන් නම් කර ඇත්තේ.


ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරුණා.


එහි අනුශාසක ධුරය අතුරලියේ රතන හිමි දරන අතර සභාපතිත්වය දරන්නේ විමල් විරවංශ මහතායි


ඩලස් අලහප්පෙරුම, තිලංග සුමතිපාල යන මහත්වරුන් මේ සඳහා ආරාධිතයින් ලෙස එක්ව සිටියා.


සන්ධානයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබෙනවා.


උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග යන මහත්වරුන් ද ප්‍රකාශයට පත් කෙරුණා.


එසේම උත්තර ලංකා සභාගයේ අනුශාසක ධුරයට විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පත් කරනු ලැබුවා


ඊට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරු ද පත්ව සිටින අතර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වනවා.


#UttaraLankaSabhagaya #NewPoliticalParty #Ceromony #Political #News #SriLanka


For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog