හල්දුම්මුල්ල, සංවැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක් අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කළ තරුණයෙකු එම දියඇල්ලට ඇදවැටී මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.
දිය ඇල්ල නැරඹීම සඳහා මියගිය තරුණයා සිය මිතුරෙකු සමග පැමිණ තිබෙනවා. එහිදී ඡායාරූපයක් ලබා ගැනීම උත්සහ කිරීමේදී ඔහු පය ලිස්සා ඇල්ලට ඇදවැටී ඇති අතර එම ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ පහළින් තිබු දියවළක තිබී තරුණයාගේ සිරුර සොයාගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
#Selfie #SriLanka #Death #Waterfall #Teenange
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment