රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු දීමට කැබිනට් අනුමැතිය

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට  උපරිම  වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන්  නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 


ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ තිබුණේ, 2022 ජුනි මස 13 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණයක් අනුවයි. 


ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන ‌ යෝජනාවට අද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.



For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog