කුරුණෑගල පාසල් සිසුවා මියයාම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්


කුරුණෑගල පාසල් සිසුවා වර්ෂාවත් සමග බොක්කුවකට වැටී සිරවී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.  


ඊයේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සජිත ගුණරත්න නමැති සිසුවායි. 


 පාසල නිමවී මහ වැසි මැද වතුරෙන් යටවුණු කන්ද උඩවත්ත පාරේ යමින් සිටි සජිත එක්වරම මාර්ගයේ අයිනට වී තිබුණේ, වාහනයක් පැමිණි නිසා ඊට ඉඩ දීම සඳහායි. 


පාර නොපෙනන තරම් ජලයෙන් පිරී තිබූ මෙම අවස්ථාවෙ, සජිත අඩිය තබා තිබුණේ, වතුරෙන් වැසුණු කාණුවකටයි. 


කාණුවට වැටුණු සජිත නිමේෂයකින් නොපෙනී ගොස් තිබිණ. 


මහ වැසි නොතකා මහ සෙනගක් සිසුවාගේ ජීවිතය බේරාගැනීමට පැය එක හමාරක් පමණ මහත් ප්‍රයන්ත්නයක් දරා තිබූ අතර .වතුරේ ගසාගෙස් සිටි සිසුවා සොයා ගත හැකිවූයේ, බෝක්කුවක් තුළ සිරවී සිටියදී ය. 


සජිත ගොඩට ගත් සැණින් රෝහලට රැගෙන ගිය ද  ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් නොලැබිණ. 


අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් සජිත ගුණරත්න අධ්‍යාපනය ලැබුවේ, කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේයි.


වැහැර පදිංචි සජිත වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලේ බාලයායි.



For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog