රෝහල්වල ඖෂධ හිඟ නිසා ශල්‍යකර්ම අත්හිටුවයි
රට පුරා රෝහල් ගණනාවක නැවත වතාවක් ඖෂධවල දැඩි හිඟතාවයක් මතුව ඇති බව වාර්තා වෙයි.
අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 60 කට අධික ප්‍රමාණයක මෙසේ හිඟතාවයක් මතුව ඇත.
මෙම තත්වයෙන් රෝගීන් බරපතළ අපහසුතාවයකට පත්ව ඇත.
මහරගම පිළිකා රෝහලේ ද ඖෂධ වර්ග 20ක පමණ හිඟයක් ඇති ව තිබෙන අතර පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත්වල දැඩි හිගතාවයක් මතුව තිබේ.
කොළඹ ජාතික රෝහල, ළමා රෝහල, කරාපිටිය රෝහල, පේරාදෙණිය, බදුල්ල, යාපනය ඇතුළු රටපුරා පිහිටි රෝහල්වල ඖෂධ හිගය නිසා බරපතළ වී තිබේ.
මේ නිසා ඇතැම් රෝහල්වල ශල්‍යකර්ම පවා කල් දැමීමට සිදුව ඇත.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment