රුසියාවේ Azur Air ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරයි රුසියාවේ දෙවන විශාලම ගුවන් සේවා සමාගම වන Azur Air ගුවන් සේවා සමාගම 2020 වසරට පසු ශ්‍රීලංකාව වෙත නැවත සිය ගුවන් ගමන් සේවා සැපයීමට, අද දින එනම් 2022 නොවැම්බර් 03 දින සිට ආරම්භ කර තිබෙනවා. එය සනිටුවහන් කරමින් Azur Air ගුවන් සේවා සමාගම මගීන් 300 වැඩි පිරිසක් රැගෙන අද දිවයිනට පැමිණියා. 2020 වර්ධනය වූ කොවිඩ් 19 වසංගතයත් සමග මෙම ගුවන් සේවා සමාගමේ ශ්‍රීලංකාව වෙත තිබුණු සියලූම ගුවන් ගමන් නතර වුනා. මෙම කාර්ය මණ්ඩලය අද දින Ramada by Wyndham Katunayake හෝටල් පරිශ්‍රයේ ලැගුම් ගනී. ඒ පිළිබඳව Ramada by Wyndham Katunayake ප්‍රධාන කළමණාරවරයා වන අසෝක ජයමාන්න මහතා මෙසේ අදහස් ප්‍රකාශ කලා. "මෙම ගුවන් සේවා සමාගය රුසීයාවේ දෙවන විශාලම ගුවන් සේවා සමාගමයි. ඔවුන්ගේ නවාතැන වශයෙන් අප තෝරා ගැනීම පිලිබඳව අපට මහත් ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි අදදින සිට සෑම සතියකටම මගීන් රැගත් ගුවන් ගමන් 4ක් මෙම Azur Air ගුවන් සේවා සමාගම විසින් මෙහෙයවනවා. එමගින් අපේ රටට නැවතත් සංචාරකයින් පැමිණීමේ ඉහල යාමත් සමගම රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස Ramada by Wyndham Katunayake ව...