Posts

Showing posts from April, 2021
Image
 සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, සූර්යයා අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව ඔවුන් පවසනවා. ඒ අනුව අද දින (05) දහවල් 12.13ට තෙල්වත්ත,බද්දේගම,දෙදියවල,මුලටියන,අගුණකොලපැලැස්ස සහ උඩමලලයන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි ඔවුන්ගේ නිවේදනයේ දැක්වෙන්නේ. ප්‍රධාන නගර සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කල කාලගුණ අනාවැකිය පහතින්. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට හෙට(04) වැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කෙරෙන බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් ඇදිම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  එළැඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. උත්සව සමය තුළ කොරෝනා ව්‍යාප්තිය සඳහා ඇති ප්‍රවණතාවය වැඩි බැවින් එම තත්ත්වය සීමා කිරීම මෙහි අරමුණයි. අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේදී සහ අවුරුදු උත්සව පැවැත්වීමේදී මෙම මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම සෞඛ්‍ය මාර්ගොපදේශ සංග්‍රහය පහතින්. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානය සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද(04) මහත් භක්තියෙන් සමරයි. මිනිස් වර්ගයා පවින් ගලවා ගැනීම උදෙසා කුරුසයක් මත දිවි පිදූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටීම සිහිපත් කරමින් කිතුණු දේවස්ථාවල අද විවිධ ආගමික වතාවත් සිදු කෙරේ. මේ අතර අදට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 2019 වසරේ එල්ල වූ පාස්කු දින ප්‍රහාරයට වැරදිකරුවන් වන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ, පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය. නැවත එවැනි ඛේදවාචකවලට කිසිදු අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. මේ අතර කිතුණු ජනතාව බලාපොරොත්තු වන පරිදි අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වනතුරු එම පරික්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත...
Image
 රජය මේ වනවිට ගොවීන් සතු වී මෙට්‍රික් ටොන් 60,000 ක් පමණ මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, වී කිලෝග්‍රෑමයක් රුපියල් 56යි ශත 50 මිලකට රජය ගොවීන් සතු වී තොග මිලදී ගන්නා බවය. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  පොලීසිය සිදු කරන හිංසන මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පසුගිය මාසයේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන කිහිපයක් ඇතුළත් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළ බව මෙම නිවේදනයේ සඳහන් ය. මහේස්ත්‍රාත්වරුන් මාසයකට වරක් පොලිස් භාරයේ පසුවන සැකකරුවන් හමු වී ඔවුන් පිළිබඳව විමසා බැලිය යුතු යැයි එහි දැක්වුණු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහෙත් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් පමණක් ශ්‍රී ලංකාවේ පොලීසියෙන් සිදුවන හිංසන මැඩ පැවැත්විය නොහැකි බව සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ජාතික පොලිස් කොමිසම මෙන්ම මානව හිමිකම් කොමිසමද සක්‍රීයව මැදිහත් විය යුතු බව නිවේදනයෙන් අවධාරණය කර තිබේ. මේ අතර, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලීසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්වුණේ පිළිකා කාරක පොල්තෙල් අඩංගු යැයි සැක කෙරෙන බවුසර දෙක පිළිබඳව ක්‍රියා කළ ආකාරය සම්බන්ධවයි. අධිකරණ භාරයේ තබාගෙන එහි සාම්පල රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියෝග කර තිබියදී පොලීසිය එම බවුසර් දෙක කොළඹ වරායේ රේගු පර්යන්තයට යවා තිබුණ...