Posts

Showing posts from July, 2021

ස්මාර්ට් එන්නත් සහතිකයක්

Image
  කොවිඩ් -19 එන්නත මාත්‍රාවන් දෙකම ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සඳහා ජාත්‍යන්තරව පිළිගත් ‘ස්මාර්ට් ඩිජිටල් එන්නත් සහතිකයක්’ පාර්ලිමේන්තු අමාත්‍ය පවිත්‍රා වන්නිරච්චි සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙනු ලැබුවේය. වැඩසටහනේ පළමු අදියර ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම සඳහා ඩිජිටල් එන්නත් සහතික ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජීවන්ත වෙත භාර දුන්නේය. නුදුරු අනාගතයේ දී, කොවිඩ් -19 එන්නත මාත්‍රාව දෙකම ලබාගත් සියලු දෙනාට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් අයදුම්පතක් බාගත කර ස්මාර්ට් ඩිජිටල් එන්නත් සහතිකයක් ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඒකාබද්ධ ප්‍රයත්නයක් වන ඩිජිටල් එන්නත සහතිකයේ, එන්නත ලබාගත් පුද්ගලයාගේ නම, වයස, ජාතික හැඳුනුම්පත් අංකය, එන්නතෙහි වෙළඳ නාම සහ කණ්ඩායම් හැඳුනුම්පත සහ එන්නත් කරන ලද දිනය අඩංගු වේ. මෙම ‘ස්මාර්ට් ඩිජිටල් එන්නත් සහතිකය’ ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් නිකුත් කරනු ලබන අතර එහි සත්‍යතාව ලොව ඕනෑම තැනක සිට QR කේතය භාවිතයෙන් තහවුරු කර ගත හැකිය.

විවාහ මංගල්‍යයන් සඳහා අවසර ලැබේ

Image
  ඊයේ (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර කරමින්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව අනුව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සීයයට 25ක් වන පරිදි හෝ උපරිම 150 සංඛ්‍යාවකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇත. එමෙන්ම පුජනීය ස්ථාන යලි විවෘත කිරීමට ද නව සෞඛය මාර්ගොපදේශ මාලාව යටතේ අවසරය හිමිව තිබෙනවා. රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන විවෘතව කිරීමට අවසර ලබාදී ඇත අතර එය අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කළ යුතුවේ. අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානියාට සේවකයින් ගෙන්වා ගැනීමේ සංඛ්‍යාව තීරණය කළ හැකි අතර එසේ කිරීමේ වගකීම ආයතන ප්‍රධානියා වෙත පවරා ඇත. කෙසේවෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් තව දුරටත් ඉදිරි දින 14ක් සඳහා නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි සඳහන් වනවා.

විදෙස් ගතවන ශ්‍රමිකයන් ද එන්නත්කරණයට

Image
  විදෙස් ගතවන ශ්‍රමිකයින්ට එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

පාසල් යළි අගෝස්තුවේදී විවෘත වේ

Image
  පාසැල් විවෘත කිරීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කළ හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. පළමු පියවර ලෙස දරුවන් සියයට අඩු පාසැල් 2,962 ක් අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

වසර 28කට පසු කෝපා ඇමරිකා කුසලානය දිනාගනී

Image
වසර 28කට පසුව කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජයගනිමින් එහි ශූරතාවය තමන් සතු කරගන්නට #Lionel_Messi ප්‍රමුඛ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම සමත් විය. ඊයේ (10) දිනයේදී පැවති #Copa_America_2021 පාපන්දු තරගෙයේදී ගෝල 1-0 ලෙස බ්‍රසීලය කණ්ඩායම පරදවා ආර්ජන්ටිනා කන්ඩායම අවසන් මහා තරගෙයේදී ජයග්‍රහණය කරනු ලැබුවා. මෙහි ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ආජන්ටිනා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක ඩී මරියා විසිනි. බ්‍රසීලයේ Rio de Janeiro හී Maracanã ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.

කොවිඩ් සීමා ලිහිල් කිරීමක්

Image
  දැනට පවතින සංචරණ සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමාකිරීම් තවදුරටත් දින 14ක් සඳහා දීර්ඝ කෙරේ. මීට අමතරව මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇති අතර එය ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25ක් වන පරිදි හෝ උපරිම පුද්ගලයින් 150ක සංඛ්‍යාවකට යටත්ව පැවැත්විය හැකිය. එමෙන්ම පන්සල්, පල්ලි හා කෝවිල් ආදී පූජනිය ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබේ. කොවිඩ් ආසාදිත නොවන මෘතදේහවල අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමි වන අතර අදාළ දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතු වේ. ඒ සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගි විය හැකි බව ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වේ. මේ අතර වැඩමුළු, සම්මන්ත්‍රණ හා සන්නාම දියත් කිරීම ආදිය පැවැත්වීමට අවසර හිමි වන අතර ඒ සඳහා උපරිම සහභාගිත්වය 50දෙනෙකු ට සීමා විය යුතුය. අවන්හල් සඳහා පැවති රෙගුලාසි ලිහිල් කර තිබෙන අතර එම ස්ථානය තුළම අනුභව කිරීමට ඉඩ සලසන අවන්හල විවෘත කිරීමට ද අවසර දී තිබේ. සියලූම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ක්‍රියාකාරීත්වය නව සාමාන්‍යභාවයට අනුකූල වන ...
Image
 බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබිණ. ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය. 2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී තරග වැද පාර්ලිමේන්තුවට පිවිසි බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවීය.  කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක...

උ/පෙ ඉල්ලුම්පත් භාර ගැනීම ඔන්ලයින් ක්‍රමයට පමණයි

Image
මේ වසරේ යෙදී තිබෙන 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම ඔන්ලයින් ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ https://onlineexams.gov.lk/eic හෝ https://www.doenets.lk හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Mobile App) හරහා ලියාපදිංචි වීමේ හැකියාව දරුවන්ට පවතිනවා.

මුහුද දෙබෑ කරමින් ගින්නක්

Image
මෙක්සිකෝවට ආසන්න මුහුදු කලාපයේ ඉන්ධන කැණීම් සිදු කෙරෙන මධ්‍යස්ථානයක සාගර පත්ලේ නල මාර්ගයක හටගත් ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වූ ගිනි ගැනීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර වෙනවා. මුහුදු ජලය දෙබෑ කරමින් මෙලෙස ගිනිගත් ආකාරය ඉතා දුර්ලබ සිදුවීමක් ලෙසයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

බෞද්ධයෙකු ලෙස මම කිසිවෙකුට වෛර නොකරමි - ශානි අබේසේකර

Image
ශානි අබේසෙකර මහතා නිදහස් වීමෙන් පසු අල් ජසීරා වෙත අදහස් පළ කරයි  “මම කිසිම වරදක් කර නැති නිසා මට දඩුවම් කිරීමට සිදු නොවේ ” යනුවෙන් පසුගියදා ඇපමත නිදහස් වු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පැවසුවා. එමෙන්ම Al Jazeera නාලිකාව සමග එක්වෙමින් අබේසේකර මහතා සදහන් කර ඇත්තේ යම් දිනයක “සත්‍යය ජය ගනු ඇති” බවයි. “මම අවංක හා වෙහෙස මහන්සි වී වැඩ කරන නිලධාරියෙක්. මගේ මුළු වෘත්තිය තුළම මම කිසිම වැරැද්දක් කර නැත, මට කිව හැක්කේ එපමණකි. ” දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් අත් අඩංගුවට ගන්නා ලදුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය ...

රන්ජන්ට ජනාධිපති සමාව දෙන්නැයි කරූ ඉල්ලයි

Image
රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි කරූගෙන් විශේෂ ඉල්ලීමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාවක් ලබා දී ඔහුට දී ඇති දඬුවම ලිහිල් කිරීමට ක‍්‍රියාකරන ලෙස ඉල්ලා හිටපු කථානායක සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. “බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි එහිදී අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් ඒ පිළිබදව සලකාබලන ලෙස අප ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා” යැයි එම ලිපියේ සඳහන්. එම ලිපිය පහතින්.

ජංගම දුරකථන-රූපවාහිනී- ශීතකරණ ආනයනය නවත්වයි

Image
ජංගම දුරකථන-රූපවාහිනී- ශීතකරණ ඇතුළු විදුලි උපකරණ ආනයනය අත් හිටුවීමට රජය තීරණය කරයි. සුඛෝපභෝගී භාණ්ඩ ලෙස ගැනෙන භාණ්ඩ මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස හදුනා ගනු ලැබූ භාණ්ඩ ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව ceylon today පුවත්පත වාර්තා කරයි. ආනයනය නතර කිරීමට තීරණය කර තිබෙන භාණ්ඩ අතර ජංගම දුරකථන-රූපවාහිනී යන්ත‍්‍ර-ශීතකරණ ඇතුළු විදුළි උපකරණ මෙන්ම සුවද විලවුන් වර්ගද තිබෙන බව පුවත්පත වාර්තා කර තිබේ. විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමත් – දේශීය වෙළද පොළ සදහා මෙම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ලබා දෙමින් දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීමත් රජයේ අරමුණ බව පුවත්පත පවසයි. විදේශ සංචිත ප‍්‍රමාණවත් ලෙස රැුස් වූ පසු මෙම සීමාවන් රජය විසින් ඉවත්කරනු ඇති බව පැවසේ.

නාමල් හා සමන්තට එරෙහිව පොලිස් පරීක්ෂණ

Image
හිටපු ජවිපෙ මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න හා  නාමල් කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙයි සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොහොර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එය සෞඛ්‍ය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වා ඇති බවට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ අනුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයින් 5 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ (03) වැලිමඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණ අතර එහිදී ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර සිටියා. කෙසේවෙතත් පොලීසිය මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ උද්ඝෝෂණය සංවිධානය කිරීමට අදාළව සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව පවතින බවයි. ඊට අදාළව නොතීසි නිකුත් කරන ලෙස ද පො...

කොළඹ ආසාදිතයින්ගේ වාර්තාගත පහළ යාමක්

Image
  කොළඹ ආසාදිතයින් 100ටත් අඩු වේ! දෙමසකට පසු වාර්තාගත පහළ යාමක් අලුත් අවුරුදු පොකුරෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් ඉහලයාම ආරම්භ වූ පසු මාස දෙකකින් අඩුම ආසාදිතයින් ඊයේ වාර්තා විය .  ඊයේ වාර්තා වූ ආසාදිතයින් 1262 කි.  කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 98කි. එම සංඛ්‍යාව 100ට අඩු වූයේ සෑහෙන කලකට පසුවයි. ආසාදිතයින් 100 ඉක්මවූ දිස්ත්‍රික්ක තුනක් පමනක් මේවනවිට වාර්තා වේ. ඒ බස්නාහිර පළාතේ ගම්පහ කලුතර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයි.

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට

Image
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙනවිත් ඇති බවයි ගුවන්තොටුපොළ නිලධාරීන් සඳහන් කළේ.