Posts

Showing posts from August, 2022
Image
  රටේ පවතින වත්මන් තත්වය හමුවේ බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා කළ වැටලීම් අත්හිටුවීමට පියවර ගත් බවයි පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය පැවසුවේ. සුදු බිත්තරයක් රුපියල් 43 ක සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිල නියමකරමින් වෙළඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. කෙසේ වෙතත් ගැසට් නිවේදනයක් මඟින් බිත්තරයක උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර බිත්තරයක් රුපියල් 60ත් 70ත් අතර මිලකට අලෙවි විය. මේ හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් එම ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. #EggPrices #SriLanka #Economy #Farmers #Eggs #Domestic For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
ඉරාකයේ ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර් ගේ අනුගාමිකයින් එරට රජයේ මූලස්ථානයට කඩා වැදීමෙන් පසු ඉරාක අගමැති මුස්තාෆා අල්-කදිමි විසින් කැබිනට් සැසිවාර නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ඉරාක රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරනවා. මේ වන විට මුක්ටාඩා අල්-සදාර් ගේ අනුගාමිකයින් විසින් එරට තුළ දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරය උත්සන්න වී ඇති අතර මේ වන විටත් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර දහස් ගණන්කින් යුත් විරෝධතාකරුවන් කඳවුරු බැඳගෙන සිටිනවා. මේ අතර අද පස්වරුවේ මෙම විරෝධතා කරුවන් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වුණා. ඉන් අනතුරුව බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමට ඉරාක අගමැතිවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම ඇඳිරි නීති නියෝග නොතකමින් දහස් ගණනින් යුත් විරෝධතාකරුවන් නගරය පුරා සැරිසරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අද සවස ජනාධිපති මැදුරට ඇතුළු වූ විරෝධතාකරුවන් එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වන අයුරු දැක්වෙන වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වන්නේ මීට සති ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වය ද සිහියට කැඳවමින්. ඉරාකයේ පවතින පාලනයට ...
Image
  ශ්‍රී ලංකාව තුළ මත්පැන් අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් වල අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවත් එහි ප්‍රකාශකයෙකු පැවසීය. ජනතාව සිටින දැඩි ආර්ථික පීඩාව මීට ප්‍රධාන හේතුව වන බවත් කසිප්පු ඇතුළු නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යාහැකි බවත් එනිසා නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්පැන් වැටලීම සඳහා වැඩි අවධානය යොමු කර ඇතැයිද ඔහු සදහන් කලේය. පවතින තත්ත්වය මත රජයට ලැබෙන සුරාබදු ආදායම බලපෑම එල්ල වී ඇත. #DCSL #Liquior #SriLanka #IncreasePrices #StopDrinking #Alchohol For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දී ඇති ජනාධිපති සමාව අනුව ඔහුට වසර 7ක් ඉක්ම යන තෙක් මැතිවරණයකට ඉදිරිපත් විය නොහැක. “රංජන් රාමනායක 34 (1) වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමාව ලබා දී ඇති අතර එය කොන්දේසි සහිත සමාවක් වන අතර දේශපාලන අයිතිවාසිකම් සහිත පූර්ණ ජනාධිපති සමාවක් ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) වගන්තිය යටතේ සමාව දිය යුතුය” යනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතා සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් රාමනායක මහතාට දේශපාලන අයිතිවාසිකම් සහිත පූර්ණ ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය. රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා සහ දේශපාලන අයිතිවාසිකම් ඇතුළත් පූර්ණ ජනාධිපති සමාවක් ජනාධිපතිවරයා සහ රජය විසින් ඔහුට ලබාදිය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ නීතියට අනුව වසර දෙකකට වැඩි කාලයක් සිරගතව සිටින පුද්ගලයකුට පූර්ණ ජනාධිපති සමාවක් නොලැබුණහොත් වසර 7කට ඔහුගේ දේශපාලන සහ ප්‍රජා අයිතිය අහිමි වේ. ...
Image
  සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.     2022 සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අය කිරීම් සිදු කරන බව එහි දක්වා තිබෙනවා.    ඕනෑම පරිශ්‍රයක ජල ගාස්තුවට, පරිහරණ ගාස්තුව. මාසික සේවා ගාස්තුව, අනිකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුලත් වනවා.    ජල බිල්පතෙහි සාමාන්‍යයෙන් සම්පූර්ණ මාසික ජල ගාස්තුව දැක්වෙන අතර ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පතට අමතරව එකතු කළ අගය මත බදු / අත්හිටවූ එකතු කළ අගය මත බදු ඉන්වොයිසයක් අවශ්‍ය වේ නම්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි පූර්ව ලියාපදිංචියකින් එය ලබාගත හැකි වනවා. #CWB #Waterbill #Price #Increase #SriLanka #Economy #Tax For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවට, රන්ජන් රාමනායක මහතා සමාව ඉල්ලමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී  තිබේ.  මේ අතර , තමා විසින් සිදු කළ එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවත්, ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ය. #SriLanka #RanjanRamanayake #Jail #Prison #Justice #Politics For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ ලබන සඳුදා වන විට නිදහස් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, තමන්ද ඇතුළුව බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් සිදුකළ බවයි. එමෙන්ම මෙම කටයුත්තේ දී වෙහෙස නොබලා කටයුතු කළ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ද තමන් ස්තුතියිවන්ත වන බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත්තේ. #SriLanka #RanjanRamanayake #Jail #Prison #Justice #Politics For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  භූමිතෙල් මිල ඉහල යාමත් සමඟ ඉදිරියේ දී තවදුරටත් මත්ස්‍ය මිල දැනට පවතින මිලට වඩා තුන් ගුණයකින් ඉහළ යනු ඇති බව ධීවරයන් පවසනවා. ඒ හේතුවෙන් මත්ස්‍ය වෙළදාම ද පහළ වැටීමෙන් තමන්ට දැඩී අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය දා ආණ්ඩුව විසින් භුමිතෙල් ලිටරයක මිල රුපියල් 340 දක්වා ඉහල දමනු ලැබුවා. මේ වන විට වෙළෙදපලේ මත්ස්‍ය මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළද සංකීර්ණයේ වෙළදුන් සඳහන් කර සිටිනවා. මාළු තොග අඩුවීම එයට ප්‍රධාන කරුණක් වී ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාම නිසා බොහෝ ධිවරයින් සිය වෘත්තියේ නොයෙදීම ද ඊට හේතුව වී තිබෙනවා. #Fishprice #SriLanka #Fuel #Boat #Economy  For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට යෝජනා කර තිබෙනවා. මේ අතර ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එලෙස ආනයනය කළ හැක්කේ ආයෝජන මණ්ඩලයට යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහායි. ඒ අනුව ඊයේ දිනයේ සිට මෙම අවසරය ලබාදෙමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. #electricbike #import #vehicle #Custom #SriLanka For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් ද ලබන 27 – 29 වනදා අතර මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්. මේ වනවිට දිවයිනට පැමිණ ඇති සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑම අද (25) දිනයේ ආරම්භ කිරීමට නියමිත ය. #OilShip #petrol #Fuel #SriLanka #FuelCrisis #Political For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ප්‍රකාශ කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී මේ බව පවසනවා. අමෙරිකානු තානාපතිය ප්‍රකාශ කරන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර සිටින බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රම ක්‍රමයෙන් විනාශ කර දමන බව ඇය සඳහන් කරනවා. #JuliaChung #Twitter #USAEmbassy #USA #HumanRights #SriLanka #Political #Crime #Protest For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  මහ කන්නයට අවශ්‍ය ඉතිරි යූරියා පොහොර ලබා ගැනීම සඳහා ලෝක බැංකුවත් සමග කටයුතු කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, තවත් යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක තොගයක් රැගෙන ඒමට ලෝක බැංකුවත් සමග අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. මහ කන්නය වගාවන් සඳහා තවත් යූරියා පොහොර එක්ලක්ෂ පනස් දහසක් පමණ අවශ්‍ය වන බව ද මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ ය. මේ අතර ආසියානු සංවර්ධන බැංක ණය ආධාර යටතේ බන්ඩි පොහොර මෙට්ට්‍රික් ටොන් හතලිස් දහදසක් මිලදී ගැනීමට පියවර ගනිමින් සිටිනු ඇත. ඊට අමතරව මෙරට කාබනික පොහොර නිෂ්පාදකයින්ගෙන් ද ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර මිලදී ගැනීමට හැකියාව පවති. #MahindaAmaraweera #Agriculture #SriLanka #WorldBank #Political  For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  දිවයින පුරා ඉකුත් මැයි 9 වැනි දා කලහාකාරී සිද්ධීන් අතරතුරදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එදින එම මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු තවත් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා බිමට බස්සවා ඔහු සතුව තිබූ මුදල් පසුම්බියේ මුදල් කොල්ල කා අනතුරුව බේරේ වැවට තල්ලු කර දමා තිබූ බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස්හතරක් වන දෙමටගොඩ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි. #SriLanka #Protest #Crime #Politics #BereWewa  For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ, දින 90 ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිගේ අනුමැතිය. #WasanthaMudalige #Jail #Protest #SriLanka #Political #Justice  For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  වසන්ත මුදලිගේ, හශාන්ත ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ට්වීටර් පනිවිඩයක්  නිකුත්කර තිබෙනවා. ඔවුන්ගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා.  එසේ කිරීම ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසා තිබෙනවා. #Wasantha #News #Protest #HumenRights For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  විරෝධතා මර්දනය සඳහා කඳුළු ගෑස් භාවිත කිරීම වහාම අත්හිටුවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වනවා. කඳුළු ගෑස් යනු රසායනික විශේෂයක් බවත් ඉන් ඇස්වලට හානියක් සිදුවන බවත් මානව හිමිකම් කවුන්සිලය දන්වා ඇති බව සඳහන්. ශ්‍රී ලංකා පොලිසියට කඳුළු ගෑස් අලෙවිකර ඇත්තේ බටහිර රටවල් කිහිපයකි විසින් බවට අනාවරණය වී තිබෙනවා. #Geneva #HumanRightCouncil #Justice #SriLanka #Police #TearGas For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ රජයට එරෙහි ප්‍රංශයේ විරෝධතාවක් සංවිධානය කළ තරුණයෙකු ප්‍රංශයේ සිට මෙරටට පැමිණ රන්පොකුණගම පිහිටි නිවසට එන අවස්ථාවේදී නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  පොලීසිය පවසන්නේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි 09 වෙනිදා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසක් ඇතුළු නිවාස දෙකකට පහරදීමක්, කැබ් රථයක් ගිනි තැබීමත් සහ බස් රථයකට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස බවය. #Arrested #Protest #SriLanka #France #Political #RW #President  For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ. මේ අතර රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියා. නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බවත්, කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. #Ranil #PreseidentSL #SLNews #Sinhala #News #Political #NewsUpdate For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates