Posts

Showing posts from September, 2022
Image
  21 අඟහරුවාදා සඳහා පැය 1 විනාඩි 20 ක කාලසටහන්ගත විදුලි කප්පාදුවක් ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සියලුම කණ්ඩායම් A, B, C, D, E, F, G, H, I, J, K, P, Q, R, S, T, U, V සහ W පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අත්විඳිය හැකිය. පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඔහු කියා සිටියේය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමත කලාප කාලසටහන : දෛනිකව පැය ගණන් ඇනහිටීම් මාස ගණනකට පසු ජල විදුලිය ලබා ගත හැකි වීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත, නමුත් සමහර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇත. ගල් අඟුරු තවමත් දිවයිනේ බලශක්ති උත්පාදනය සඳහා ප්රධාන කාර්යභාරයක් ඉටු කරයි. දැනට පවතින තොග ඔක්තෝම්බර් මස අවසානය දක්වා පමණක් ප්‍රමාණවත් බවත්, ප්‍රමාණවත් ගල් අඟුරු ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත දිගු විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා  අනතුරු ඇඟවීය. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 කුරුණෑගල පාසල් සිසුවා මියයාම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක් කුරුණෑගල පාසල් සිසුවා වර්ෂාවත් සමග බොක්කුවකට වැටී සිරවී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.   ඊයේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සජිත ගුණරත්න නමැති සිසුවායි.   පාසල නිමවී මහ වැසි මැද වතුරෙන් යටවුණු කන්ද උඩවත්ත පාරේ යමින් සිටි සජිත එක්වරම මාර්ගයේ අයිනට වී තිබුණේ, වාහනයක් පැමිණි නිසා ඊට ඉඩ දීම සඳහායි.  පාර නොපෙනන තරම් ජලයෙන් පිරී තිබූ මෙම අවස්ථාවෙ, සජිත අඩිය තබා තිබුණේ, වතුරෙන් වැසුණු කාණුවකටයි.  කාණුවට වැටුණු සජිත නිමේෂයකින් නොපෙනී ගොස් තිබිණ.  මහ වැසි නොතකා මහ සෙනගක් සිසුවාගේ ජීවිතය බේරාගැනීමට පැය එක හමාරක් පමණ මහත් ප්‍රයන්ත්නයක් දරා තිබූ අතර .වතුරේ ගසාගෙස් සිටි සිසුවා සොයා ගත හැකිවූයේ, බෝක්කුවක් තුළ සිරවී සිටියදී ය.  සජිත ගොඩට ගත් සැණින් රෝහලට රැගෙන ගිය ද  ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් නොලැබිණ.  අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් සජිත ගුණරත්න අධ...
Image
  මාසිකව ලක්ෂයකට වඩා උපයනවා නම් ලබන ඔක්තෝබරයේ සිට 6% – 36% බදු ශ්‍රි ලංකාවේ සෑම ආදායම් උපදවන්නකුගේම රජයෙන් ලැබෙන බදු සහන සීමාව වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2ක සීමාව දක්වා පහත දැමීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව මාසිකව රුපියල් ලක්ෂයකට වඩා උපයන සෑම පුද්ගලයකුගෙන්ම අවම වශයෙන් සියයට 6ක බද්දක් අය කර ගැනීමට නියමිතය. මීට අදාළ කැබිනට් පත්‍රිකාව  ඉදිරියේ දී  කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කැබිනට් අනුමැතියෙන් අනතුරුව  මෙම තීරණය ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම බදු අය කිරීම පසුගිය රජය කාලයේද පැවති අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් පසුව සිදු කරුණු බදු සංශෝධනයේදී උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු බදු කිහිපයක්ම කප්පාදුවකට ලක් කෙරුණි. ඒ අනුව පෞද්ගලික ආදායම බදු අය කිරීම් සීමාව වාර්ෂික ආදායම සීමාව මිලියන 3.ක් දක්වා ඉහළ නැන්විණි. එසේ වුවද මෙම බදු වැඩි කිරීම සම්බන්ධයෙන් 2022 මැයි මස 20 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අදාල වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8ක් දක්වා අඩු කිරිමට තීරණය   කෙරුණු අතර එයද ස...
Image
 රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු දීමට කැබිනට් අනුමැතිය ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට  උපරිම  වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන්  නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.  ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ තිබුණේ, 2022 ජුනි මස 13 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණයක් අනුවයි.  ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන ‌ යෝජනාවට අද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 රෝහල්වල ඖෂධ හිඟ නිසා ශල්‍යකර්ම අත්හිටුවයි රට පුරා රෝහල් ගණනාවක නැවත වතාවක් ඖෂධවල දැඩි හිඟතාවයක් මතුව ඇති බව වාර්තා වෙයි. අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 60 කට අධික ප්‍රමාණයක මෙසේ හිඟතාවයක් මතුව ඇත. මෙම තත්වයෙන් රෝගීන් බරපතළ අපහසුතාවයකට පත්ව ඇත. මහරගම පිළිකා රෝහලේ ද ඖෂධ වර්ග 20ක පමණ හිඟයක් ඇති ව තිබෙන අතර පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත්වල දැඩි හිගතාවයක් මතුව තිබේ. කොළඹ ජාතික රෝහල, ළමා රෝහල, කරාපිටිය රෝහල, පේරාදෙණිය, බදුල්ල, යාපනය ඇතුළු රටපුරා පිහිටි රෝහල්වල ඖෂධ හිගය නිසා බරපතළ වී තිබේ. මේ නිසා ඇතැම් රෝහල්වල ශල්‍යකර්ම පවා කල් දැමීමට සිදුව ඇත. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  ඉදිරි පැය 3 සිට පැය 24 තුළ පාලින්දනුවර හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා . #Kurunegala  #HeavyRain #Weather #24 #24x7 For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග කුරුණෑගල, වැහැර ප්‍රදේශයේදී බෝක්කුවකට ඇඳ වැටී එහි සිරවී සිටි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.  පාසල නිමවී ජලයෙන් යට වී තිබූ මාර්ගය ඔස්සේ අද යළි නිවසට යමින් සිටි සිසුවා බෝක්කුවට වැටී ඇති අතර පසුව ජල පහරට හසුව ගොස් බෝක්කුවේ සිරවී තිබේ.  එහිදී වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, පොලීසිය සහ යුද හමුදාව එක්ව සිසුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක්  දියත් කළේය. පැය එක හමාරක පමණ මෙහෙයුමකින් පසුව බෝක්කුව තුළ සිරවී සිටි සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය සිසුවා  කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. #Kurunegala #Death #HeavyRain #Weather #Died #School #Child For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 මෙරට සෑම පවුලක් ම රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේ 2019 වසරෙන් පසු දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා රජයන් කටයුතු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇති බවයි.  දෛනිකව මෙරට සෑම පවුලක් ම රුපියල් 2,000 කින් ඔවුන්ගේ ණය බර ඉහළ දමාගන්නා බවට තමන් සිදුකළ අධ්‍යනයකදී හෙළිවූ බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාල පැවසුවේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ පාරිභෝජන වියදම් පියවා ගැනීම සඳහා ජනතාව ණය ලබා ගැනීමට පෙළඹී ඇති බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල වැඩිදුරටත් සඳහන් කළා. #News #WasanthaAthukorala #University #SriLanka #Peradeniya For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 පාන් පිටි මිල ඉහළ දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාරවල මිල ගණන් ද ඉහළ දමා තිබේ. ආපනශාලා හිමියන් විසින් ම සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.  ඒ අනුව කොත්තුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ. එසේ ම පරාටා, බිත්තර රොටී, එළවළු රොටී සහ රෝල්ස් ඇතුලු කෙටි කෑම වර්ගවල මිල ද රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහළ දමා තිබේ.  වෙළඳපොලේ පවතින දැඩි තිරිඟු පිටි හිඟය හේතුවෙන් තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ත් 400ත් අතර මිලකට මිල දී ගැනීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. #Kottu #SriLanka #Food #Price #Increase For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  අද දිනයේ ගෑස් මිල අඩු වුවත් ආපන ශාලාවල ආහාර මිල පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි. කළු කඩ මාෆියාව නිසා භාණ්ඩ මිල අඩු නොවන බවත් එනිසා පාරිභෝගිකයන් පීඩාවට පත්වන බවත් සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. මෙරට පිටි ආනයනකරුවන් පිටි තොග සගවා කළු කඩ හරහා වැඩි මිලට නිකුත් කරමින් සිටින බවත් ඔහු සදහන් කලේය. ගෑස් මිල අඩු වුවත් ආහාර මිල අඩු හෝ වැඩි කල නොහැති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය. #AselaSampath #Bakery #SriLanka #Foods #News For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 හල්දුම්මුල්ල, සංවැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක් අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කළ තරුණයෙකු එම දියඇල්ලට ඇදවැටී මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ. දිය ඇල්ල නැරඹීම සඳහා මියගිය තරුණයා සිය මිතුරෙකු සමග පැමිණ තිබෙනවා. එහිදී ඡායාරූපයක් ලබා ගැනීම උත්සහ කිරීමේදී ඔහු පය ලිස්සා ඇල්ලට ඇදවැටී ඇති අතර එම ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ පහළින් තිබු දියවළක තිබී තරුණයාගේ සිරුර සොයාගෙන තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. #Selfie #SriLanka #Death #Waterfall #Teenange For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් සහ කිලෝග්‍රෑම් 2.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 21කින් අඩු කර ඇත. සෑම මසකම 05 වෙනිදා සිදුකරනු ලබන මිල සුත්‍රය අනුව මෙම නව මිල ගණන් ක්‍රියාත්මක බවයි ලිට්රෝ සමාගම සඳහන් කර සිටින්නේ. #Litro #SriLanka #LPGas #News    For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකමුතුව විසින් ගොඩනගන නව සන්ධානය එළිදැක්වීමේ සමාරම්භක උළෙල මහරගම ජාතික තරුණ සේවා සභාවේදී  පැවැත්වෙනවා. එය ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන” උත්තර ලංකා සභාගය” ලෙසයි ඔවුන් නම් කර ඇත්තේ. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරුණා. එහි අනුශාසක ධුරය අතුරලියේ රතන හිමි දරන අතර සභාපතිත්වය දරන්නේ විමල් විරවංශ මහතායි ඩලස් අලහප්පෙරුම, තිලංග සුමතිපාල යන මහත්වරුන් මේ සඳහා ආරාධිතයින් ලෙස එක්ව සිටියා. සන්ධානයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබෙනවා. උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග යන මහත්වරුන් ද ප්‍රක...
Image
පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.  එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ , පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයිනපුරා බේකරි හිමියන්ට උපදෙස් ලබා දී ඇති බවය. #Bread #Price #Economy #SriLanka #Flour  For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් වාර සංඛ්‍යාව වැඩිකර තිබේ.  ඒ, දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලීම මතයි. ඒ අනුව ලබන 8 වැනිදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතරව සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ සිට බදුල්ල දක්වාත්, සෑම සිකුරාදා දිනකම බදුල්ල සිට කොළඹ දක්වාත් දුම්රිය ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට වනු ඇති. දුම්රිය ධාවනයට නියමිත දිනට දින 14 ක කාලයක් තුළ ඒ සදහා ආසන වෙන්කිරීමට හැකියාව පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.  දැනට ඇල්ල ඔඩිසි දුම්රිය ධාවනය වන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනවල පමණි. #Ella #Tourism #SriLanka #VisitSriLanka #Railway #Train For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  156 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබේ.  එහි ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක පොලිස් සේවාවක් බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ටයි. පොලිස් කොමසාරිස්වරයෙකු පත් කොට පොලිස් සේවාව මෙරට ආරම්භ කර ඇත්තේ 1797 වසරේ කොළඹ කොටුවෙන් ය. 1806 අංක 6 දරන රෙගුලාසි යටතේ, බ්‍රිතාන්‍යන්, පොලිස් විධානේ තනතුරු පිහිටුවා පරිපාලනය ගම් කරා ගෙන ගියේ ය.  1865 අංක 16 දරන පොලිස් ආඥා පනත හරහා, 1866 සැප්තැම්බර් 03 වැනි දින පිහිටවූ පොලිස් සේවාව, වසර 156 ක් මහජනයා වෙනුවෙන් කළ සේවාව අතිමහත් ය. ශ්‍රීමත් ජෝර්ජ් විලියම් රොබට් කැම්බල් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පතිවරයායි. ශ්‍රී ලංකාවේ සිදුවූ සෑම, සමාජයීය, ආර්ථික, දේශපාලන මෙන්ම සංස්කෘතික සිදුවීම්වලදී ශ්‍රී ලංකා පොලිසියේ දායකත්වය නොඅඩුව ලැබී තිබේ. මෙරට ජනතාවගේ සාමය සුරක්ෂිත කර ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට පොලීසිය දිවි හිමියෙන් කටයුතු කළ බව නොරහසකි. අද දක්වා පොලිස් නිලධාරීන් රාජකාරියේදී දිවි පුදා ඇත්තේ එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහායි.  එදා මෙන්ම...
Image
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.  කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු පැවසුවේ , සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාත්‍රී 11.30ට පමණ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවය. #GotabayaRajapaksha #SriLanka #Arrival #GR #Returns #FormerPresident #Political For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  අද සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සීයයට 12 සිට 15ක් දක්වා ඉහළ දමිමත් සමග දුම්වැටියක මිල රු.3,5,10 සිට 15ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අතර මත්පැන් සහ බීර මිලද විවිධ මිල ගණන් යටතේ ඉහළ දමා ඇති බව වාර්තා වනවා. #PriceIncrease #Liquor #Party #News #SriLanka For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  පාර්ලිමේන්තුව පිටුපස පින්නියර ඉන්ධන හලේ මෙම අනතුර සිදුව තිබෙනවා. ඉන්ධන හලේ පොම්ප ක්‍රියාකරු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා. #SriLanka #Ceypetco #Accident #Vehicle #Crash #Pitakotte For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  බංගලාදේශයේ ආර්ථිකයට කිසිදිනක ශ්‍රී ලංකාව මෙන් ඇද වැටීමට ඉඩ නොදෙන්නේ යැයි එරට අගමැති ෂික් හසීනා මහත්මිය සඳහන් කරයි. සියලු අභියෝග ජය ගනිමින් බංග්ලාදේශය සංවර්ධන රටක් කරා යන ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඇය එරට අගනුවර දී පැවති උත්සවයකදී පැවසුවාය. “බංග්ලාදේශය කවදාවත් ශ්‍රී ලංකාව වෙන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ, ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට පෙර අපි ප්‍රායෝගික ආකාරයකින් සිතමු. රට සියලු ගෝලීය අභියෝග ජය ගනිමින් ඉදිරියට යනු ඇත. අපි මුදල් ණයට ගෙන ගිතෙල් කන්නේ නැහැ,එය රට ඕනෑම ණය උගුලකට ගෙන යා හැකියි.බංග්ලාදේශය සියලුම ණය නියමිත වේලාවට ආපසු ගෙවනව“ යයිද හසීනා පැවසුවාය. #Bangladesh #EconomyCrisis #People #PM For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
2021 වසරේ අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා යමෙක් ඉතිර කර තිබූ රුපියල් ලක්ෂයක මුදල, රුපියල් තිස් දහස දක්වා පහත වැටී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (31) පැවැති 2022 අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින්. එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා විසින් හොරකම් කරලා කිව්වොත් වැරදි නෑ. අපේ රට අද තියෙන්නෙ මර උගුලක් ළඟ, බිත්තියට හේත්තු වෙලා, බෙල්ල හිරවෙලා, මේ රටේ මිනිස්සුන්ට ඉවසන්න ම බැරි නිසයි අරගලය කළේ" යනුවෙන්. තව ද, "බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිකමෙන් එළවලා දැමුවා. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා, ගෝඨාභය රාජපක්ෂ එළවලා දැම්මා. කණගාටුයි නමුත් ඒක සිද්ධ වුණා. පොහොට්ටුවයි රාජපක්ෂලයි රට විනාශ කළා. ඒක කියන්න මිනිස්සු බය නෑ!" යනුවෙන් ද ඔහු කියා සිටියා. #HarshaDeSilva #Parliment #SriLanka #Political #EconomyCrisis For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුනේ මෙහෙයුම් කටයුතු ලබන සැප්තැම්බර් 15 වැනිදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. 15 වැනිදා සිට නෙළුම් කුළුන නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ. මෙහෙයුම් කටයුතු නෙළුම් කුළුන පෞද්ගලික සමාගම හරහා සිදුවන අතර මහා භාණ්ඩාගාරය යටතේ මෙම වසර මුලදී මෙම සමාගම ස්ථාපිත කෙරිණි. එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනය කෙරේ. නෙළුම් කුළුන නැරඹීමට පැමිණෙන ජනතාවට තරු පන්තියේ අවන්හල් අත්දැකීමක් අත්විඳීමට හැකියාව ලැබෙන අතර සමරු වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මේ වනවිටත් එහි ස්ථාපිත කර තිබෙනවා. මීට අමතරව ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක්ද බිම් මහලේ සිට සිය ගනුදෙනු ආරම්භ කරනු ඇත. ජපන් තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම කුළුන මෙරට වේගවත්ම විදුලි සෝපාන 03 කින් සමන්විත වේ. ඩිජිටල් සිනමා ශාලාවකින් හා ආසන 400 කින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවකින්ද සමන්විත නෙළුම් කුළුනේ ඉහළ නැරඹුම් මැදිරියේදී ‘කොළඹ අහස යට’ නවමු අත්දැකීමක් විඳගැනීමට සංචාරකයන්ට අවස්ථාව හිමි වේ. ඇතුළුවීමේ ප්‍රවේශ පත් රුපියල් 500 කට හා රුපියල් 2000 කට මිල නියම කර ඇති අතර රුපියල් 500 ටිකට් පතක් ...
Image
  කුරුණෑගල, යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයා වන විරාජ් කුමාරසිංහට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කර ඇති බව එම කොමිසම පවසනවා. මෙම සිද්ධියේ තවත් හමුදා සාමාජිකයකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු ද නිරීක්ෂණ වන බවත් ඔහු ද හදුනාගෙන ඔහුට විරුද්ධව ද ක්‍රියා කරන ලෙසට කොමිසම දැනුම් දී තිබෙනවා. මෙම නිර්දේශ සැත්තැම්බර් මස 16 දිනට පෙර ක්‍රියාක්මක කර දැනුම් දෙන ලෙසට කොමිසමේ සභාපතිනි, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ විසින් දැනුම් දෙනවා. මෙලෙස චෝදනා එල්ල වූ ලුතිනන් කර්නල්වරයා වන විරාජ් කුමාරසිංහ ජාතික ආරක්ෂක බලමුළුවේ වාරියපොළ කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළා. මෙම සිද්ධියේදී පහර කෑමට ලක්ව ඇත්තේ ප්‍රදීප් අත්තනායක නමැති පුද්ගලයෙකි. අදාළ ඉන්ධන පිරවුම් හලේ දී ජුලි මස 03 දින යුද හමුදා නිලධාරියකු  සාමාන්‍ය වැසියෙක් වෙත පා පහරක් එල්ල කරන අන්දම විද්‍යුත් හා සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍...