Posts

Showing posts from March, 2021
Image
  අවිස්සාවේල්ල, වෙරලුපිටිය ප්‍රදේශයේදී මැණික් පතලක් තුළ සිර වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ඊයේ රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳ පරීක්ෂා කිරීමට දිස්ත්‍රික්කයකින් පොල්තෙල් සාම්පල 05 බැගින් ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, එසේ ලබා ගන්නා සාම්පල 100ක් අද(28) දිනයේ රසායනාගාර පරීක්ෂාවට යොමු කරන බවයි. එම සාම්පල ලබා ගන්නේ විකිණීම සඳහා ඇති බෝතල් නොකරන ලද පොල්තෙල් වලින් ය. මේ අතර මෙරටට පොල්තෙල් ආනයනය කළ එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබේ . ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂාවන්වලදී ය. ආන්දෝලනයට ලක්ව ඇති පොල්තෙල් අඩංගු කන්ටේනර් 13කට රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මේ වනවිට මුද්‍රා තබා ඇතැයි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ ය . READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  27.03.2021 - 10.00 am දෛනික තත්ත්ව වාර්තාව READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 24 ක අගරු චෙක්පත් ලැබී ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි. පසුගිය වසරේ ලැබී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව 6,878 කි. කඩිනමින් අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වා ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහන් කළේ ය. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 ඉඩම් මැනීම් කටයුතු ඉක්මන් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවකට පිළිතුරු ලබාදෙමින්. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  මෙරටට තෙල් ආනයනය කරනු ලබන ආයතන 4ක තෙල් සාම්පල පරීක්ෂාවට ලක්වෙමින් පවතින අතර දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේනා මිල්ස් පිරිපහදුව, එඩිරිසින් එඩිබල් ඔයිල් සහ කටාන පිරිපහදුව යන සමාගම්වල සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා. පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (ආහාර පරීක්ෂණ ඒකකය) සමග එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ඉහත ආනයන තෙල් තොග නිදහස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ලබාදෙන බවද ප්‍රමිති ආයතනය සඳහන් කර තිබෙනවා. ආනයනකරුවන් 4 දෙනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ අද (27) දින පැවැත්වෙනවා. මෙය දකුණු පළාතේ පැවැත්වෙන දෙවැනි “ගම සමග පිළිසඳර වැඩසටහන වන අතර 1958 දී ස්ථාපිත උස්බිම් ජනපදයක් වන කිරිවැල්කැලේ ග්‍රාමසේවා වසම පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානයයි. මේ ග්‍රාමයෙහි පවුල් 622ක් වෙසෙන අතර වසමේ ජනගහණය 2990ක් . 2020 සැප්තැම්බර් මස බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ වූ අතර මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කර තිබුණා. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටවූව ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළවලට සෘජු බලපෑමක් නොවන බව ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවන බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ ක‌ළේ , මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ජනවාරි 29 දා ආරම්භ කළ බැවින් දෙවන මාත්‍රාව දිය යුතුව ඇත්තේ ඉන් සති 12 කට පසුව බවයි. දිවයිනට ලැබුණු එන්නත්වලින් මේ දක්වා කාලය තුළ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව අට ලක්ෂ 44000 ක් වේ. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ , ඉතිරිව ඇති එන්නත් ලක්ෂ 4 ක පමණ ප්‍රමාණය මැයි 31 වෙනිදා දක්වා ලබාදිය හැකි බවයි. කෙසේවෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 5 ක් ලබාදෙන බවට ඉන්දියාවේ සීරම් ආයතනය නිල නොවන මට්ටමින් ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ Yo...
Image
  මිනිස් සිරුරට අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් ප්‍රදේශ කිහිපයක කළ වැටලීම්වලින් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්ව තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, පොල් තෙල්වලට ද විවිධ රසායන ද්‍රව්‍ය මුසුකර අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවය. කළුතර, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවල මෙම ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන බව ද ඔහු පෙන්වා දෙයි. උත්සව සමය වෙනුවෙන් ලබන 28 වැනි දා සිට දීපව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ය. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදි විශිෂ්ට ශතකයක් ලබා ගනිමිනි. මීට පෙර මෙම දස්කම දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන්නේ 01. බ්‍රෙන්ඩන් කුරුප්පු 201* (1987) 02. රොමේෂ් කළුවිතාරණ 132* (1992) 03. තිලාන් සමරවීර 103* (2001) පැතුම් නිස්සංක ලකුණු 103කට දැවී ගියේය. මේ අතර මංගල ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශතකයක් ලබා ගත් දෙවැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙස ද නිස්සංක වාර්තා අතරට එක් විය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 96කට දැවී ගියේය. ලහිරු තිරිමාන්න ලකුණු 76ක් ලබා ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 375ක ඉලක්කයක් හඹායන කොදෙව්වන් සිව්වන දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටී. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබා ගත්තේය. READ MORE >>> h ttps://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LI...
Image
  බස්නාහිර පළාතේ පිහිටි සියලුම කතෝලික පාසල් ලබන මස 5 වැනි දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. අගරදගුරු පදවි කතෝලික සභාවේ මාධ්‍ය අධ්‍යක්ෂ, ජුඩ් ක්‍රිශාන්ත පියතුමන් නිව්ස්ෆස්ට් කළ විමසුමකදී ඒ බව තහවුරු කළේ ය. මේ අතර ලබන 29 වැනි සඳුදා බස්නාහිර පළාතේ සියලු පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. පසුගිය 15 වැනි දා බස්නාහිර පළාතේ පාසල්වල 5,11 හා 13 ශ්‍රේණිවල පන්ති ආරම්භ කෙරුණි. සැලසුම් කළ පරිදි අලුත් අවුරුදු නිවාඩුව ලබා දෙන බවත් අලුත් අවුරුද්දෙන් පසු ලබන මස 19 වැනි දා සියලු පාසල් යළි විවෘත කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  ජනාධිපතිවරයා ලෙස තමන් ගමින් ගමට යන්නේ සැබෑ ජනතා ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ ඊයේ (24) පැවති පොදුජන පෙරමුණු අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර ඇති බව ත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැති පිරිසක් ඊට පහර ගසමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පැවසී ය. ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, කුමන බාධක, විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අඩපණ නොකරන බවයි. ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නැති බව  සඳහන් කර ඇති ජනාධිපතිවරයා  දිස්ත්‍රික් ලේකම්වරුන්ට  උපදෙස් ද දී ඇත්තේ,   දිස්ත්‍රික් මටට්මින් වන විනශායන් සිදු වන්නේ, නම් ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙසයි. තව ද වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර ඇති බව  සිහිපත් කළ  ජනාධිපත...
Image
 නව කොරෝනා ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90, 765 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයින් අතරින් 25 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 226 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. මේ අතරින් වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 66 කි. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් 48 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 ක් ලෙස වාර්තා වී ඇත. ආසාදිතයින් 87630 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 25,83ක් පමණි. කොරෝනා ආසාදිත තවත් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ද 552ක් දක්වා ඉහළ ගියේ ය එලෙස මියගොස් ඇත්තේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90 ක් තුළ පුද්ගලයින් 8492ක් දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (18) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 7,940 කි. මේ අතර කොරෝනා මර්දන එන්නත...
Image
  ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීරණයට එළැඹී බවයි. එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවල නිල නාමයන් එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර තිබේ නම්, ඒවා සංශෝධනය කිරීමට ද තීරණය කර ඇත. මීට අමතරව එම පක්ෂවල ව්‍යවස්ථාවල ද එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බැවින් ඒ පිළිබඳව අදාළ පක්ෂ දැනුවත් කර එවැනි පක්ෂවල නිල නාම හා පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය සඳහා සාධාරණ කාලයක් ලබා දීමට ද මැතිවරණ කොමිසම තීරණය කළේ ය. එම කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අවුරුදු 18 සම්පුර්ණ වූ තැනැත්තන්ට මාස 03 ක් වැනි කෙටි කාලයකදී ඡන්ද බලය ලබාදීම සඳහා මැතිවරණ කොමිසම ගෙනආ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් ද ඊයේ පැවති මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කළ බවය. එම යෝජනාවට මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර පසුගිය 16 වැනි දින ජනාධිපත...
Image
  ඛනිජ වැලි මෙට්ට්‍රික් ටොන් 85,000ක් අලෙවිය පිළිබඳ වහාම විමර්ශනය කර මසක් ඇතුළත වාර්තාවක් දෙන්නැයි ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.  READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 ගත වූ පැය 24 ක කාලය තුළ දී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මෙම කොවිඩ් ප්‍රභේද හඳුනා ගෙන ඇත්තේ ජෛව සාම්පල් 10,787ක් අතුරින් සිදුකළ  පරික්ෂාවන්වලදී බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම කොරෝනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදය හමුවීමත් සමග ඉන්දියාව දැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 අද දින (24)අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තිරණයකට අනුව අපවත් වි වදාළ ශ්‍රි ලංකා අමරපුර නිකායේ මහා නායක, අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්ස්වය නිමිත්තෙන් හෙට දින ( 25 ) කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති සියලු මත්පැන් විකිණිම සඳහා වූ  ස්ථාන, සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිමට කටයුතු කළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මෙම විධානය කඩ කරමින් කටයුතු කරනු ලබන මත්පැන්හල් සම්බන්ධයෙන් ඒවායේ බලපත්‍රධාරින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වනවා. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
මාර්තු 29 වැනිදා සිට බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates  
Image
  කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 112 දෙනෙකු අද(24) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. ඒ, කුවේටයේ සිට ජසීරා ගුවන් සේවයට අයත් යානයකිනි. කොරෝනා වසංගතයට බියෙන් තමන් සේවය කළ නිවෙස්වලින් පළා ගොස් සිටියදී එම පිරිස එරට ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් අනතුරුව එලෙස පිටුවහල් කර ඇත. පැමිණි පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගත් බව ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ ය. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
 ඩුබායි සිට පසුගිය 18 වැනිදා දිවයිනට රැගෙන එන ලද මළ සිරුර දිනුක මදුෂාන් හෙවත් ‘කෙසෙල්වත්තේ දිනුකගේ’ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව පොලීසිය පවසයි. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද දහවල් එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ඒ, දැනට වසා දමා ඇති විශ්වවිද්‍යාල යළි විවෘත කර දෙන ලෙස හා මාස ගණනකින් ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙන්නැයි ඉල්ලමිනි. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා තැබෙනු ඇති. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 පෙරවරුවේ අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සිදු කෙරෙනු ඇති. 88 හැවිරිදි අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වැඩ වාසය කළේ , ගල්කිස්ස ධර්මාපාලාරාම විහාරස්ථානයේ ය. 1933 ජනවාරි 26 වැනිදා ගම්පහ , කොටුගොඩදී උපන් අතිපූජ්‍ය ධම්මාවාස නාහිමියන් මූලික අධ්‍යාපනය ලැබුවේ , කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලෙනි. 15 හැවිරිදි වියේදි පැවිදි දිවියට ඇතුළත් ව අනතුරුව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා 1954 ජූලි 10 වැනිදා කළුතරදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ එතැන් පටන් සිය ශාසනික, සමාජීය මෙහෙවර තවත් පුළුල් කරමින් බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කැපවූහ. 1970 වසරේ සිට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අමරප...
Image
  ආනයනය තාවකාලිකව අත්හිටවු සෙරමික් නිෂ්පාදන දින 180 ක ණය පදනම මත ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය හිමිවිය. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Image
  මෝටර් රථවල අංක තහඩුවල පළාත් සංකේතය ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද (24) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය වුණා. ඉදිරි නීතිමය කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතින බවත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී පළාත් සංකේතය ඉවත්කිරීම ප්‍රසිද්ධ කරන බවත් එහිදී සඳහන් කෙරුණා.. පළාත් සංකේතය ඉවත්කිරීමෙන් පසු වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වීමේදී අංක තහඩුව වෙනස් නොවන බවත් නව අංක තහඩුව සමස්ත ශ්‍රී ලංකාවටම වලංගු බවත් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් පුවත්පත් වාර්තා කර තිබෙනවා. වර්තමාන වාහන අංක තහඩු නීතියට අනුව වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වුවහොත් අංක තහඩුව වෙනස් කළ යුතු අතර ඒ සඳහා රුපියල් 2000 කට වැඩි අමතර මුදල් වාහන හිමිකරු දැරිය යුතු වනවා. READ MORE >>> http://evolterr.com/8NjO YouTube: http://evolterr.com/8Ng8 facebook : http://evolterr.com/8NR8
Image
  වී අලෙවි මණ්ඩලය විසින් මිල දීගෙන ඇති සියලු වී තොග අද සිට සහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ. වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් හරහා මෙම සහල් තොග බෙදා හරින බවයි. මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇති වී තොගය මෙට්‍රික් ටොන් 25,000 කට අධික බව ද ඔහු ප්‍රකාශ කළේය
Image
 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී (UNHRC) වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. පක්ෂව – 22 විපක්ෂව – 11 ඡන්දය දීමෙන් වැලකී සිටි – 14
Image
  කොළඹ, කුරුණෑගල , ගම්පහ සහ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ , සුළඟේ දිශාව වෙනස්වීම, කැලි කසළ පිලිස්සීම මෙන්ම නගරවලට දෛනිකව ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ඉහළ යෑම මෙම තත්වයට හේතු වී ඇති බවයි. අද පෙරවරු 8.00 වනවිට ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 117 ලෙස සටහන් වූ අතර කොළඹ ප්‍රදේශයේ පැවතියේ ඒකක 95 ක් ලෙසය. මහනුවර ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය ද පහළ ගොස් ඇති අතර , එය ඒකක 91 ක් ලෙස සටහන්ව තිබුණි.
Image
  අද අලුයම වැලිකඩ ගුවන් පාලමත් ආයුර්වේද වටරවුම අතර කලාපයේ වාහන පරීක්ෂාවක නිරතවී සිටි කොළඹ හදිසි ඇමතුම් අංශයේ පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයකු මියගොස් තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී බත්තරමුල්ල දෙසින් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකරමින් ගමන් කර ඇති බව පොලීසිය පවසනවා. මෙම අනතුරෙන් හදිසි ඇමතුම් මාර්ග පරීක්ෂණ කණ්ඩායම භාරව සිටි පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා සහ පරීක්ෂාවට ලක් කරමින් තිබූ කුඩා ලොරි රථයේ සහායකයා මියගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Image
  රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ කි.මී. 24.3 කොටස ඉදිකිරීමේ කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කි.මී. 73.9ක් ඉදිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විසින් පසුගිය දා ඉදිරිපත් කරන ලදී. එම පත්‍රිකාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවා. මෙහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි.මි 24.3 ක කොටස පැකේජ හතරකට බෙදා ඉදිකිරීමට නියමිතයි.
Image
  චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබෙනවා. එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක් හෙවත් අ.ඩො බිලියන 1.5 ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා. දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහාත් එම අරමුදල් භාවිත කිරීමට හැකි වනවා.
Image
  වෘත්තීය සමිති උද්ඝෝෂනයක් හේතුවෙන් කොළඹ නව නගර ශාලාව ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
Image
 ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 314 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයින් අතරින් 40 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් 274 දෙනා දේශීයව හඳුනා ගත් ආසාදිතයින් ය. වැඩිම ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමලයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 52කි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තාවී ඇත. මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,514ක් වන අතර සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 87,058කි. ආසාදිතයින් 2,905 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 5ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 551ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී ඇත්තේ, ගාල්ල, වෑඋඩ, නුගතලාව, කඩවත සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලිනි. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 102ක් තුළ පුද්ගලයින් 10, 692 දෙනකු නිරෝධායනය වෙමින් සිටින අතර ...
Image
  ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය යළි ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු ව තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළ කටයුතු මේ වන විට සිදුවන බවයි. මේ අතර, ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.. ඒ අනුව සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිය ඉල්ලුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්නම් 0115 226 126 හෝ 0115 226 100 යන දුරකථන අංක ඇමතීමෙන් හැඳුනුම්පත් ලබා ගැනීම කඩිනම් කර ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම හැඳුණුම්පත් ලබා ගැනීමට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවෙක් වේ නම් ඔවුන් ද ඉහත දුරකථන අංක ඇමතීමෙන් දිනයක් හේ අංකයක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
Image
  හෙට (24) පෙරවරු 8.00 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි. කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Image
  පළමු මහ බැංකු බැඳුම්කර වංචාවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පනය කර ගැනීම සඳහා මෙරට නීතිපතිවරයා විසින් තෙවැනි වරටත් යවන ලද ලේඛන හා පැහැදිලි කිරීම් සිංගප්පූරු නීතිපතිවරයා විසින් සලකා බලමින් පවතින බවට වාර්තා වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අද කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබේ. නඩුව අද කැඳවනු ලැබුවේ, චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත හා නාමල් බලල්ලේ යන විනිසුරු මඩුල්ල හමුවේදී ය. නඩුවේ 10 වැනි විත්තිකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අජහාන් ගාර්දිය පුංචිහේවා මහතා අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හා මැලෙසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මැලේසියා රජයේ බලධාරීන් වෙත සිතාසි යැවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රයට තවත් එක් අධිචෝදනාවක් එක් කර සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය දැනුම් දුන්නේ ය. ඒ අනුව...
Image
  සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ,වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, එවැනි ඉඩම් හෙක්ටෙයාර් 400ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි. මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බව ද ඔහු කියා සිටියේය. නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩම් පවරා ගැනීමත් සමග සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වන බවයි.
Image
    ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව සිදු කරන කැනීමකින් යුරෝපයේ පුනරුද යුගයට අයත් පිගන් භාණ්ඩවල නටබුන් රැසක් හමුවී තිබේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේ මෙම දුර්ලභ පිගන් භාණ්ඩ අවශේෂ එකල පැවති විදේශ සබඳතා පිළිබඳ වැදගත් දත්ත රැසක් ලබා ගත හැකි බවයි. නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් සිදු කරන මෙම කැනීමෙන් අනතුරුව ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම සංරක්ෂණය කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.
Image
  බහරේනයේ මොහොමඩ් හමාඩ් මොහොමඩ් අල් කලීෆා කුමරු නිසි අනුමැතියකින් තොරව කොවිඩ් 19 එන්නත් තොගයක් සිය රට තුළට රැගෙන ඒම සම්බන්ධයෙන් නේපාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පූර්ව අනුමැතියකින් තොරව රට තුළට ඖෂධ ගෙන ඒමට නොහැකි පසුබිමක් තුළ බහරේන කුමරු මෙලෙස එන්නත් රට තුළට රැගෙන ආවේ කෙසේ ද යන්න සම්බන්ධයෙන්  එරට ඖෂධ නියාමකයින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් මාත්‍රා 2,000 ක තොගයක් රැගෙන අල් කලීෆා කුමරු ප්‍රමුඛ කණ්ඩායම නේපාලයට පැමිණ ඇත්තතේ, පසුගිය සඳුදා ය. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බහරේන තානාපති කාර්යාලය පවසා ඇත්තේ, නේපාලයේ ගොර්කා දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමේ අවශ්‍යතාව මත රජ කුමරු ඇතුළු කණ්ඩායම මෙලෙස එන්නත් තොගය රැගෙන පැමිණ ඇති බවයි. රජ කුමරුගේ මෙම ගමන සංවිධානය කළ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, කුමරු ප්‍රමුඛ කණ්ඩායම දින 7ක් නිරෝධායනය වීමෙන් අනතුරුව ගොර්කාහි සමගෝන් ගම්මානයේ ජනතාවට එන්නත් ලබා දීමට බලාපොරොත්තු වන බවයි. තව ද කුමරු ඇතුළු  කණ්ඩායම පසුව එවරස්ට් කන්ද තරණය කිරීමට...
Image
  ගෙවුණු දිනයේ (15) මෙරටින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයින් අතරින් 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි  248 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. මේ අතර වැඩිම ආසාදිතයින් පිරිස්‍ මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 49 කි. ඊට අමතරව, මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 34 බැගින් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ලෙස වාර්තා වී ඇත. කොළඹ  දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු පමණක් වාර්තා වී ඇති අතර සෙසු ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි. අද (16) දින උදෑසන වනවිට, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,238 ක් වන අතර ඉන් පුද්ගලයින් 84,969 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ති‌බේ. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2,737 දෙනෙකු පමණි. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 5 දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව ද 532 ක් දක්වා ඉහළ ගියේ ය. ඔවුන් කොච්චිකඩේ, පමුණුගම, යාපනය, ගම්පහ සහ (උතුර...
Image
  Click picture to watch video... ගෙවී ගිය දවසේ (11) මෙරටින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 75 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්49 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,989 ක් වන අතර පූර්ණ සුවය ලබා ඇති අසාදිතයින් සංඛ්‍යාව 83561 කි. අසාදිතයින් 2908 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 520 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී තිබුණේ, නාවලපිටිය, අඟුලාන, මත්තෙගොඩ, බිබල සහ දෙහිවල යන ප්‍රදේශවලිනි. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන ...
Image
  මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් කන්ටේනර් රැසක් පසුගිය මාස තුන ඇතුළත යළි ප්‍රතිනැව්ගත කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, කොළඹ වරායේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් කළ පරීක්ෂාවේදී මෙම පොල් තෙල්වල පිළිකා කාරක රාසායනික තිබී හමුවී ඇති බවය. මෙම පොල් තෙල් තොග ඉන්දුනීසියාවෙන් හා පිලිපීනයෙන් මෙරටට ආනයනය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු මස්ත්‍ය කන්ටේනර් කිහිපයක් ද යළි ප්‍රතිනැව්ගත කළ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. අමාත්‍යාංශය පැවසුවේ, අදාළ මත්ස්‍ය තොගවල ආසනික් හා රසදිය අඩංගු බව පරීක්ෂණවලදී තහවුරු වූ බවයි.